විදේශීය සංචාරකයෙකු රැගෙන යන මෝටර් රථයකට කිසියම් පිරිසක් බාධා කරන දර්ශන ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එය ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී සිදු වු බවත් මේ පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ යුතු බවත් එහි සදහන් කළේය.
මෙම සිද්ධිය ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී සිදුවූවක් බව කීවද මෙම සිද්ධිය සිදුව ඇත්තේ ගුවන් තොටුපළ පරිශ්‍රයේ නොවන බවටත් එය සිදු ව ඇත්තේ මීට මාස කීපයකට පෙර බවටත් තොරතුරු ලැබී තිබේ.
කෙසේ වෙතත් මෙය කුමන කාලයක, කෙලෙස කොතනක සිදු
වුවද මෙවැනි සිද්ධීන්වලට ඉඩ දිය නොහැකි බව අවධාරණය
කරන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ සිද්ධියට සම්බන්ධ
පුද්ගලයන් කවරෙකු වුව ද වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට
පමුණුවන්නැ‘යි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.