රජයේ නිලපුවත් වෙබ් අඩවිය සිදු කළ විමසුමක දී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කළ බවයි.
කෙසේ වුවද,පවත්නා තත්ත්වය යටතේ,මෙගාවොට් 300ක ඒකක ප්‍රමාණයක් මිල දී ගැනීමට තීරණය කර ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.මෙහාවොට් 100ක ඒකක ප්‍රමාණයක් පුද්ගලික අංශායන් ලබා ගන්නා අතර එය තවදුරටත් දීර්ඝ කරන බවත්,මොවොට් 200ක ඒකක ප්‍රමාණයක් තරඟකාරි මිල ගණන් යටතේ මිල දී ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇතැයි ද පැවසිය.