පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දිවයින පුරා නිරිත දිග වැසි වැඩි වීමක්

    ජනවාරි 20, 2020

    ඉදිරි දින කිහිපයේ දී විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේත් නැගෙනහිර උතුරු මැද ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

    ඒ අනුව, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්ක වලත් ප.ව.2.00 න් පසු ව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මි.75 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
    එමෙන්ම, මන්නාරම, පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළගේ වේගය විටින් විට පැ.කී.මී. 40 පමණ දක්වා වැඩි විය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේ දී මිදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි විය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya