මෙම ලේඛකාධාර ව්‍යාපෘතිය යටතේ නව කථා ,කෙටි කථා හා ළමා සාහිත්‍ය, සංගීතය, නර්තනය,නාට්‍ය කලාව හා සිනමා කෘති, ජන මාධ්‍ය, සංස්කෘතිය හා කලාව, ආගමික, සංස්කෘතික හා ජනශ්රැති ජායාරූප හා චිත්‍ර කලාව, ශාස්ත්‍රීය පර්යේෂණ හා විචාර හා විවිධ විෂයයික යන විෂයයන් යටතේ වු කෘති තෝරා ගැනේ.
2019 වසරේ රචනා කර ඇති පොත් මෙම ව්‍යාපෘතිය යටතේ මිලදී ගැනීම සිදු කරන අතර ඒ සදහා අයදුම්පත් භාර ගැනීම 2020 පෙබරවාරි මස 15 දායින් අවසන් වීමට නියමිතය. ග්රන්ථ සමීක්ෂණ උපදේශක මණ්ඩලයේ ඉහළම ලකුණු ලබා ගන්නා ප්‍රමුඛතාව සහ එම වසර සදහා වෙන්වී ඇති ප්‍රතිපාදන අනුව මෙම පොත් මිලදී ගැනීම සිදු කෙරෙන අතර අප්‍රේල් මස 30 වන දිනට පෙර ආධාර ලබාදියයුතු ග්රන්ථ තෝරා ගැනීම සිදු කෙරේ.
කෘතීන් මිලදී ගනු ලබන්නේ කෘතියේ සඳහන් කර ඇති මිලෙන් 20% ක වට්ටමකට යටත්වය. මේ පිළිබද විස්තර දිස්ත්‍රික් /ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංස්කෘතික නිලධාරීන් හරහා මෙන්ම www.culturaldept.gov.lk වෙබ් අඩවියෙන් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ 0112882667 අංකයට ඇමතීමෙන් දැන ගත හැකිය.