රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, උපාධිධාරීන් රැකියා ගැන්වීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු
ලබාදෙමිනි.
සංවර්ධන නිලධාරී සේව ව්‍යවස්ථාව යටතේ බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බවත් විශ්‍රාම වැටුපේ කිසිදු ගැටළුවක් ඇති නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
එමෙන් ම උපාධිධරීන්ගේ සේවය ඵලදායි ලෙස ලබාගැනීමට අදළ සැලසුම් සකස් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. උසස් පෙළ සමත් අය සඳහා රැකියා ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවද කී රාජ්‍ය අමාත්‍යවරයා, සාමාන්‍ය පෙල සමත් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි පැවසීය.