ඒ අනුව මෙම වාර්තාව සභාගත කිරීමට කතානායකවරයා යෝජනා කළේ ය.
වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කිරීම මගින්, බැදුම්කර නිකුතුව පිළිබදව දැනට සිදු කෙරෙන අධිකරණ ක්‍රියාමාර්ග වලට කිසිදු බාධාවක් නොවන බවට තමා විශ්වාස කරන බවද කතානායකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා මෙම පිළිබඳව දින දෙකක විවාදයක් අවශ්‍ය බව සඳහන් කළේ ය.
එහිදී අඳහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ,දැවැන්ත මුදල් වංචාවක් සිදුව තිබෙන බවත් කඩිනම් විවාදයක් පවත්වා මේ සම්බන්ධයෙන් වගකිවයුතු අය නීතිය හමුවට
කඩිනමින් ඉදිරිපත් කළ යුතු බවත් පැවසීය.
මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කරන බව කතානායක වරයා පැවසීය.