ඒ අනුව, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි “ඩී” කලාපයේ ක්ෂේත්‍ර නිරීක්ෂණය (21) සිදු කෙරිණි.
ප්‍රථමයෙන්ම මැදිරිගිරිය බිසෝපුර D 8 වැව අභියස දී පැළ රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් “හරිත උයන” ආරම්භ කිරීම ද එහි දී සිදු විය. එයට අමතරව දහම් වැව ගොවීන් සදහා කජු පැළ සහ බීජ කට්ටල බෙදාදීමත් මෙහි දී සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා මහතා ඇතුළු නිළධාරිහු රැසක් එක් වූහ. එමෙන්ම, මහවැලි කලාප දහය තුළ හරිත උයන් 17 ක් සහ වන උයන් 58 ක් ලෙස සියළු වන උද්‍යාන 75 ක් ආරම්භ කිරීමට ද සැළසුම් සකස් කොට ඇත