මේ වන විට බාහිර පුද්ගලයන් විසින් සැළසුම් සහගත ලෙස අයදුම්පත් ලබාදීම සහ භාරගැනීම සඳහා මැදිහත් වීමේ වැඩපිළිවෙලක් දියත් කරන බවත්, ඒවාට හසුනොවී රජය විසින් ස්වාධීනව ලබාදීමට නියමිත රැකියා ලබාගැනීම කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සම්බන්ධව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, බහුකාර්ය කාර්යසාධන බලකායට බඳවාගන්නා අයවලුන්ට මාස 06ක විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදී ඉන් අනතුරුව ඔවුන්ගේ ගම් පළාත්වල පවතින පුරප්පාඩු සඳහා ඔවුන් අනුයුක්ත කරන බවයි.
එසේ තෝරාගන්නා රැකියාලාභීන් හට සිය රැකියාව ලැබී ඉන් අනතුරුව අඛණ්ඩ වසර 10ක සේවයෙන් අනතුරුව ඔවුන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට දිවයිනේ සෑම පුරවැසියකුටම අදාළ වන පරිදි අයදුම්පත්‍ර නිකුත් කර තිබෙන බව ප්‍රකාශ කළ දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ අවුරුදු 16ට නොඅඩු 40ට නොවැඩි අයගෙන් මෙම රැකියා සඳහා තෝරාගන්නා බවත්, වයස 35ට නොවැඩි අයවලුන් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බවත්ය.