පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    පසුගිය රජයේ ගොවිතැනට තිබු කුඩම්මාගේ සැලකිල්ල සහල් සහ එළවළු මිල ඉහළ යාමට බලපාලා - රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න

    ජනවාරි 22, 2020

    2015 වසරේ බලයට පැමිණි යහපාලන රජය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ රුපියල් 350කට ලබා දුන් පොහොර සහනාධාරය කප්පාදු කර ගොවිතැන කෙරෙහි දැක්වූ කුඩම්මාගේ සැලකිල්ල නිසා අද රටේ සහල් සහ එලවළු ඉල්ලුම සැපයීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පවසයි.

    ඒ මහතා මෙම අදහස් පල කළේ, කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

    ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, ගමේ පවතින අඩුපාඩු සහ ජනතාව මුහුණ දෙන අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමත් වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, “හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය කාලයේ පොහොර මිටිය රුපියල් 350කට දීමේ වැඩපිළිවෙල නිසා මුළු රටම ගොවිබිමක් බවට පරිවර්තනය වුනා.සහල් එළවළු සහ ධාන්‍ය වර්ග වලින් රට සශ්‍රීක වුනා.අපේ රට සහලින් ස්ව්‍යංපෝෂිත වුණා වගේම අනාදිමත් කාලයක සිට සිදුකළ සහල් ආනයනය නතර කරලා දැම්මා. සහල් අතිරික්තය ඇති වෙලා සහල් ගබඩා පිරුණා.2014 වර්ෂයේ සෝමාලියාව වැනි කුසගින්නෙන් දැඩිව පීඩාවට පත්වූ ජනතාව ඉන්න රටවලට අපි සහල් නැව් පිටින් යැව්වා.නමුත් 2015 ආණ්ඩුව ඇවිල්ලා ටික කාලයයි ගියේ පොහොර සහනාධාරය නැවැත්තුවා.පොහොර මිටිය රුපියල් 2,500 දක්වා
    ඉහල ගියා.ගොවියා ක්‍රමානූකූලව ගොවිතැනින් ඈත්වුණා.කුඹුරු යායවල් පිටින් පුරන් වුණා.පිටරටින් හාල් ගෙන්වීම නැවත ආරම්භ කලා. ගොවිතැන, ගොවිජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමට කිසිදු සාධනීය වැඩපිළිවෙලක් ඔවුනට තිබුණේ නෑ.නමුත් වත්මන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවට රටේ වී ගොවියා ඇතුළු සමස්ත කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට දැක්මක් වගේම වැඩපිළිවෙලකුත් තියෙනවා. ගොවියාට  පොහොර සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්න එතුමා යෝජනා කලේත් ඒ නිසයි.මගේ අදහසනම් පොහොර සහනාධාරය දීර්ඝකාලීනව ලබා දිය යුතු බවයි.ඒක නිසා මගේ පෞද්ගලික අදහසනම් සියළුම ගොවියන්ට පහසුවෙන් වෙළඳපලෙන් රුපියල්
    350 ක් වැනි සහන මිලකට පොහොර ලබාගත හැකි ක්‍රමවේදයක් ඇති කළ යුතු බව“රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය.

     අද එලවළු මිල ඉහල යාම සම්බන්ධව විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොම උද්දාමයෙන් කතා කරනවා.එළවළු කඩයක සොරකමක් සම්බන්ධව මහ ලොකුවට කථා කරනවා. මහබැංකුව මහ දවල් මංකොල්ලකාපු එක්සත් ජාතික පක්ෂයට එලවළු කඩයක මංකොල්ලය අද ලොකු වෙලා.රංජන්ගේ හඬපට හරහා එක්සත් ජාතික පක්ෂයේ සියළු දෙනාගේ ඇදුම් ගැලවෙන කොට ඒ පිළිබඳ අවධානය වෙන පැත්තකට යොමුකරන්න කියන කථා මේවා.


    පසුගිය වසරේ අවසාන මාස හතරේ රටේ සෑම ප්‍රදේශයකටම අධික වර්ෂාවක් ඇති වුණා.ගංවතුර නායයාම් ඇතුළ ස්වභාවික අපදා තත්වයන් අපිට වලක්වන්න බැහැ.මේ නිසා එළවළු ගොවිබිම් විශාල ලෙස විනාශ වුණා.අස්වැන්න සිග්‍ර ලෙස පහල වැටුණා.නමුත් දැන් නැවතත් එළවළු වගාබිම් යථාතත්වයට පත්වෙලා.එළවළු මිල තව සති දෙකකින් පමණ පහල යයි.ඒක නිසා කාලගුණික සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙමින් නව තාක්ෂණික ක්‍රම යොදාගනිමින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ වැඩ පිළිවෙලකට අපි යා යුතුයි.සහල් මිලත් පාලනය කිරීමට රජය විශේෂ වැඩපිලිවෙලක් දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya