පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක්

    ජනවාරි 22, 2020

    ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවේ. සංචාරක පොලිසීය, වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වැනි ඊට අදාළ ආයතන සමග සාකච්ඡා කර මෙම වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සංචාරක පොලිස් ස්ථාන 20කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට දිවයින පුරා පිහිටුවා ඇත. අනුරාධපුර, පොළොන්නරුව, නුවර, සීගිරිය වැනි සංචාරතයන් බහුලව ගැවසෙන ප්‍ර දේශවල මෙම සංචාරක පොලිස් ස්ථාන පිහිටුවා තිබේ. මීට අමතර ව තවත් සංචාරක පොලිස් ස්ථාන 14 ක් පිහිටුවීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා කියයි. පානදුර, කළුතර,දඹුල්ල, කල්පිටිය වැනි සංචාරක ප්‍ර දේශ ආශ්‍රිතව මෙම නව
    සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සුදුසු බවට යෝජනා වී තිබේ.

    සංචාරක පොලිසියට අවශ්‍ය පහසුකම් වැඩි කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා කියයි.


    මිට අමතරව මුහුදේ හා වෙරළ ආශ්‍රිතව ක්‍රියාකාරකම්වල නියැලෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා එම වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, සෆාරි හා තල්මසුන් නැරඹීමට යෙදවන බෝට්ටුවල ආරක්ෂාව හා ගුණාත්මක බව ඉහළ නැංවීම සදහා ද අවධානය යොමුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

    නව රජය බලයට පත්වීමත් සමග මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේ දී සංචාරකයන් 241,663 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පෙන්වා දෙයි. දෙසැම්බර් මාසයේ දී මෙරටට සංචාරකයන් වැඩිවශයෙන් පැමිණ ඇත්තේ ඉන්දියාව, එංගලන්තය, රුසියාව, චීනය වැනි රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ නව රජය පත්වීමත් සමග ජාතික ආරක්ෂාව තහවුරු වීම නිසා සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් සිදුවෙමින් පවතින බවයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya