පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    “ පළමු ශ්‍රේණියට බඳවා ගැනීමේ චක්‍රලේඛය නිවැරදි කළයුතුයි ” - අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    ජනවාරි 22, 2020

    පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීම සඳහා වූ පරීක්ෂණ වෙනුවෙන් පසුගිය කාලය මුළුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කොට භාවිතා කළ චක්‍රලේඛයේ අතාර්කික මෙන්ම අසාධාර‍ණ කරුණු කිහිපයක් ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිගමනය වී තිබේ.

     

    පළමු වසරට ළමයින් බඳවා ගැනීමේ ජාතික උත්සවය සඳහා මාතලේ‚ විල්ගමුව‚ නාගොල්ල ප්‍රාථමික විදුහලට පසුගිය සිකුරාදා පැමිණි අවස්ථාවේ දී ගම්වාසී දෙමව්පියන් රාශියක් පැමිණ චක්‍රලේඛයේ මෙම අගතිගාමී කරුණු අවධාරණය කළ අතර, එහි සිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ද චක්‍රලේඛය ප්‍රායෝගිකව නොගැළපෙන බව තහවුරු කරන ලදී.

     

    විශේෂයෙන් මවුපියන්ගේ ස්ථිර පදිංචිය තහවුරු කිරීම සඳහා ස්ථීර ඔප්පුව වෙනුවට රජයෙන් ලබා දී ඇති බලපත්‍රය නොසලකා හැරීම සහ මවුපියන් දෙදෙනාගෙන් කෙනෙකුගේ පාරම්පරික වාසභූමි පදිංචිය නොසලකා හැරීම තුළින් දරුවන් පිරිසකට අසාධාරණයක් සිදුව ඇති බවට පැමිණිලි රාශියක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුව තිබේ.

     

    දැනට ලෝක අධ්‍යාපන ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගී වෙමින් සිටින අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා, එම සමුළුවේ සිටියදී ම අධ්‍යාපන ලේකම් වරයාට උපදෙස් ලබා දී ඇත්තේ දැනට ක්‍රියාත්මක චක්‍රලේඛය ලංකාවට ම පොදු බැවින්, ප්‍රාදේශීය වශයෙන් පවත්නා ඉඩම් ගැටලු, බලපත්‍ර හා ඔප්පු ලබා දීමේ ප්‍රමාදයන් ආදිය ද සැලකිල්ලට ගෙන 2021 වර්ෂයේ නව චක්‍රලේඛය නිකුත් කරන ලෙසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya