ප්‍රවාහන කළමනාකරණ,විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් මෙලෙස සේවයට
එක් කරනු ලැබුවේ දඹරැල්ල, තලාව, රත්මල්වල ප්‍රදේශවල ජනතාවගේ ගමන් පහසුව සඳහාය.
මිද්දෙනිය නගරයේ සිට දඹරැල්ල, තඹලපෑලැස්ස හරහා ඇඹිලිපිටිය නගරය දක්වා ගමන් කරන නව ලංගම බස් රථය නිසා තමන් මෙතෙක් මුහුණ දුන් ප්‍රවාහන ගටළුවට විසඳුමක් ලැබුණු බවද එම ජනතාව පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යමත් දැක්ම යථාර්ථයක් කරමින් සුව පහසු කාර්‍යක්ෂම ප්‍රවාහන පද්ධතියක් පොදු ජනතාව වෙත සමීප කිරීම තමාගේ අරමුණ බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
DMU/Hambantota