අමාත්‍යවරයා මේ බව පැවසූයේ, පසුගියදා ත්‍රිකුණාමල වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ සංචාරයකට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් විසින් ත්‍රිකුණාමල වරායට නොපැමිණ එය පසුකර යන යාත්‍රා පිළිබඳ ගණනය කිරීමක් සිදුකළ යුතු බවත් ඒ සඳහා දැනට අක්‍රීයව පවතින දත්ත පද්ධතිය සක්‍රීය කොට කඩිනමින් අදාළ දත්ත තමා වෙත වාර්තා කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ය.
ත්‍රිකුණාමල වරාය ලාභය ඉපයිය හැකි වරායක් වන බවත් ඒ අනුව මෙමගින් ලබාදිය හැකි පහසුකම් හි වර්ධනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය වන බවත් එහිදී මෙම මුහුදු සීමාව පසුකරගෙන යන නෞකා ත්‍රිකුණාමල වරාය වෙත ආකර්ෂණය කරගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් දියත් කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
ඊට ප්‍රධාන වශයෙන් වරායට නොපැමිණ වරාය පසුකර යාත්‍රා කරනා නෞකා ප්‍රමාණය ගණනය කිරීමක් සිදුකළ යුතු වේ. එහිදී මුහුදු මාර්ග, නැව් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා Radar Navigation System සහ Vessel Traffic Monitoring System යන දත්ත පද්ධති වරාය තුළ සවි කර ඇතත් එහි ඇති මෘදුකාංගයන්හි අඩුපාඩුවක් හේතුවෙන් දැනට එම පද්ධතිය අක්‍රියව පවතී.
එමනිසා වරාය කාර්යක්ෂමතාව හා සංවර්ධනය නංවාලීමේ අරමුණින් මෙම දත්ත පද්ධති වහාම උසස් මට්ටමින් ක්‍රියාකරවීමට හා එහි තත්ත්වය උසස් කිරීමට මෙම මාස 02 තුළ කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.