රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අග්‍රාමාත්‍ය කාර්යයාලයේ දී අද (22) පැවති මාධ්‍ය හමුවේ දී ය.
ඒ අනුව, හාම්පුතුන්ගේ සංගමය කැඳවා වැවිලි කර්මාන්ත ඇමති සමඟ පසුගිය දා (20) මේ පිළිබඳ ව සාකච්ඡා කළ බවත්, එහි දී ඔවුන් යොමු කරන ලද කරුණු කාරණා සියල්ල සඳහා එකී අමාත්‍යවරයා මැදිහත් වූ බවත් මෙහි දී
ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේ දී ජනාධිපති ලේකම්වරයා සමඟ ද සාකච්ඡාවක් පවත්වා අදාළ සමාගම් සඳහා ලබා දෙන සහන පිළිබඳව ද සාකච්ඡා කොට ඇති බවත් එම සමාගම් වලින් මෙම වැටුප ගෙවීම සම්බන්ධයෙන් විරෝධයක් නොදක්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.
මෙම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා ද සහභාගී විය.