ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන ඩෝනාට් පීටර් හේඩර් මහතා මෙහිදී පෙන්වා දුන්නේ දැනට සිදු කෙරෙන මදුරු මර්දන ක්‍රමවේදය සහ මෙම ක්‍රියාවලිය බොහෝ වෙනස් බවයි. සාමාන්‍යයෙන් මදුරුවන් මර්දනයේ දී සිදු කරනු ලබන්නේ මදුරු කීටයාට විෂ සහිත රසායනික සංයෝගයක් යෙදීම බවත්, එමගින් මදුරු කීටයාට පමණක් නොව පරිසරයේ අනෙක් ක්ෂද්‍ර ජීවීන්ට ද විෂ සහිත වන බවත් එමගින් ඔවුන් ද විනාශ වන බවයි. සත්වයෙකුට හෝ දරුවෙකුට වුවද එයින් බලපෑමක් සිදුවිය හැකි බව පෙන්වා දෙන ඒ මහතා එම මදුරු මර්දන කටයුතු සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය නොකරන නිසා අධික මිලක් දැරීමට සිදු වන බව ද පෙන්වා දෙන ලදි.
නමුත් හරිද ප්‍රද (ක්ලෝරොපිල් - Chlorophyll) මගින් මෙය සිදු කරනු ලබන මෙම ක්‍රමවේදය තිරසාර ක්‍රමවේදයක් බවත් ක්ලෝරොපිල් ශ්‍රි ලංකාව තුල බොහෝ වන බවත්, කිසිම හිඟයක් ඇති නොවන බවත් පෙන්වා දුන් ඩෝනාට් පීටර් හේඩර් මහතා ක්ලෝරෆිල් බෝග වලින්ම ලබා ගත යුතු නොවන බවත්, තණකොළ, කෙසෙල් කොළ වැනි දේ වලින් ක්ලෝ ක්ලෝරොපිල් ලබාගෙන සරළ රසායනික විද්‍යාත්මක ක්‍රියාවලියක් මගින් ක්ලෝරොෆිලින් (chlorophyllin) නැමැති මෙම සාන්ද්‍රණයක සාදා ගත හැකි බව ද පෙන්වා දුනි. ඉතාම අඩු සාන්ද්‍රණයකින් මෙම සංයෝගය භාවිත කර මදුරු කීටයින් විනාශ කිරීමට භාවිත කළ හැකි බවත්, මෙහි විෂ ගතියක් පෙන්නුම් කරන්නේ හිරු එළියට නිරාවරණය වීමෙන් පමණක් බවත්, හිරුඑළිය වැටීම නිසා මදුරු කීටයා ඇතුලත මෙම විෂ සහිත ක්‍රියාවලින් සිදුවීම හේතුවන් මදුරු කීටයින් මර්දනය සිදු වන බව පෙන්වා දෙයි.
මෙම විෂ රහිත තිරසර ක්‍රමවේදය මගින් මිනිසාට සහ පරිසර පද්ධතියට කිසිදු හානියක් නොවන බව පෙන්වා දුන් ඒ මහතා මෙරට හරිත ප්‍රද මගින් මෙම සංයෝගය නිපදවා ඩෙංගු මර්දන ඒකකය සහ වෛද්‍ය පර්යේෂණය ආයතනය සමග එක්ව මෙම ක්‍රියාවලිය අත්හදා බැලීමට බලාපොරොත්තු වන බවට ද සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ ඩෙංගු මදරු කීටයින් විනාශ කිරිමට විෂ රහිත මෙවැනි තිරසර ක්‍රමවේදයක් යොදා ගැනිමට හැකි නම් එය ඉතා වැදගත් වන බවත්, ඒ පිළිබද පරීක්ෂණ පවත්වා එම ක්‍රමවේදය අප රට තුල කොපමණ දුරකට සාර්ථක වනවා ද යන්න තමාව දැනුවත් කරන ලෙසයි.