පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    අභ්‍යන්තර වෙළෙද සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය ඇමති කොළඹ මැනිං වෙළඳ පොළේ හදිසි නිරීක්ෂණයක

    ජනවාරි 22, 2020

    අල, ලූණු වැනි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ එළවළු මිල ගණන් මේ වන විටත්  අඩු වෙමින් පවතින බව අභ්‍යන්තර වෙළෙද සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

    එළවළු මිල ගණන් සහ සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සොයා බැලීමට අද (22) සවස පිටකොටුව මැනිං පොදු වෙළඳපොළෙහි සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙහි සංචාරයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එළවළු ඇතුළු පාරිභෝගික ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ යාමට අතරමැදියන්ගේ ක්‍රියාකාරීත්වය ද හේතුවක් වී ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    දිවයින පුරා පැවති අධික වර්ෂාපතනය නිසා ගොවිබිම් වලට හානි සිදුවීම හේතුවෙන් වෙළඳපොළ එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබුණද මේ වන විටත් එළවළු තොග විශාල වශයෙන් ලැබෙන බවත් එළවළු මිල ගණන් පහත වැටෙමින් තිබෙන බවත් මැනිං වෙළඳ පළ ව්‍යාපාරිකයින් සඳහන් කළේය.

    සෙසු පාරිභෝගික ද්‍රව්‍ය රැසක මිල ද මාර්තු සහ අප්‍රේල් උත්සව සමය වන විට අඩුවනු ඇතැයි අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක, අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්. ෆවුසර් , අධ්‍යක්ෂ -වැටලීම් අසේල බණ්ඩාර ඇතුළු පිරිසක්ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya