පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    වන අලි සත් දෙනාගේ මරණය සම්බන්ධ සත්‍ය වාර්තාවක් ලබා දෙනවා-අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන

    ජනවාරි 22, 2020

    හබරණ ප්‍රදේශයේ පසුගිය දිනක  ඝාතනය කළ බව යැයි කියැවෙන වන අලි හත් දෙනා සම්බන්ධ සත්‍ය වාර්තාවක් ලබාදීමට පියවර ගන්නා බව පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය  එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙම අලි මරණ සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිරුණු බවත් සඳහන් කළ අමාත්‍යවරයා,මෙම අලි මරණ සම්බන්ධ රස පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නැති බවත් සඳහන් කළේ ය.

    මෙම සිදුවීමට කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොමැති බවද කී අමාත්‍යවරයා,මේ සම්බන්ධ විමර්ශන කටයුතු කඩිනම් කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද පැවසීය.

    එමෙන් ම වන අලි තර්ජන පවතින ප්‍රදේශවල කිලෝ මීටර 1243ක දුරක් විදුලි වැට ඉදිකිරීමට තිබේ.එම ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන බව අමාත්‍යවරයා කීය.

    දිස්ත්‍රික් මට්ටමින් අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් කමිටු පිහිටුවා දැනුවත් කිරීම සිදු කෙරේ.එමෙන් ම වන අලි හානිය අවම කිරීමට ලබාදෙන අලි වෙඩි ලක්ෂ 08 ලක්ෂ 12  දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.එමෙන් ම ම වන අලි හානි සඳහා ලබා දෙන වන්දි මුදල වැඩි කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇතැයි ද අමාත්‍යවරයා  පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya