පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දෙමළ ජනතාව බහුතරයක් සිටින ප්‍රදේශවල රාජකාරි කිරීමට දෙමළ භාෂාවේ ප්‍රවීණත්වයක් ඇති රාජ්‍ය නිලධාරීන් යෙදවෙයි

    ජනවාරි 22, 2020

    දෙමළ ජනතාව බහුතරයක් සිටින ප්‍රදේශවල රාජකාරි කිරීම සඳහා දෙමළ භාෂාවේ ප්‍රවීණත්වයක් ඇති රාජ්‍ය සේවකයන් යොදා ගැනීමට කටයුතු කරන අතර එවැනි රාජ්‍ය සේවකයන්ගේ හිඟයක් පවතින අවස්ථාවකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති භාෂා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයෙන් අවශ්‍ය පුහුණුව ලබාදී ඔවුන් රාජකාරිය සඳහා අදාළ ප්‍රදේශවලට අනුයුක්ත කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ  මහතා පවසයි.

    ඉකුත්දා බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මහජනතාවට නිසි සේවාවාක් ලබාදීම සඳහා රාජ්‍ය සේවකයා ද්වී භාෂාවෙන් සන්නද්ධ වියු යුතු බවත්, දැනට පවතින තත්වය අනුව දෙමළ භාෂාව කතා කරන පුරවැසියන් සඳහා
    පිළිතුරු ලබාදීමට හැකි සේවක පිරිසක් පුහුණු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවත්ය.

    දකුණේ සිංහල ජනතාව දෙමළ භාෂාව ඉගෙනගන්නා සේම උතුරේ දෙමළ ජනතාවද සිංහල භාෂාව ඉගෙනගැනීම කාලීන අවශ්‍යතාවයක් බවත්, එමගින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට පහසු වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya