පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    හඬපට හරහා හෙළිවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමට ස්වාධීන කොමිසමක් පත්කරන්න- රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය

    ජනවාරි 22, 2020

    අධිකරණයට අතපෙවීම ඇතුළු රංජන් රාමනායක මහතාගේ හඬපට හරහා හෙළිවූ පසුගිය රජය සමයේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් පත්කර පරීක්ෂණ කරන ලෙසත්, එම කාලය තුළ පැවති නඩු කටයුතු මගින් අසාධාරණයට ලක්වූ පිරිසට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.

    නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ අද(22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළේ, පසුගිය කාලය පුරාවටම රටේ ජනතාවගේ බලාපොරොත්තුව වූයේ ස්වාධීන අධිකරණ පද්ධතියක් ඇතිකිරීම වුවද, පසුගිය රජය විසින් අධිකරණයට බලපෑම් එල්ල කළ බව සක්සුදක් සේ පැහැදිළි බවය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, රටේ සංවර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ පසුගිය කාලය පුරාවට පැවති අධික වැසි හේතුවෙන් එළවලු මිළ ඉහළ ගිය බවත්, විපක්ෂය විසින් ඒ සම්බන්ධයෙන් වැරදි මතයක් ජනගත කළද මේ වන විට එළවලු මිළ පහළ යමින් පවතින බවය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya