පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයක

    ජනවාරි 22, 2020

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයක නිරත විය.

    එහි දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සහ දෙපාර්තමේන්තුවේ ඉහළ  නිළධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය.

    මෙහි දී මූලික වශයෙන් දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව, දෙපාර්තමේන්තුවේ කාර්යයභාරය, දෙපාර්තමේන්තුව සමඟ අනිකුත් අමාත්‍යංශ හා සම්බන්ධ වී කටයුතු කරන ආකාරය, ඒ ඒ අමාත්‍යංශ අතර සන්නිවේදනය පිළිබඳව මෙන්ම, දෙපාර්තමේන්තුව හා අනිකුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සම්බන්ධීකරණය කෙසේ ද යන්න පිළිබඳ ව ද රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.


    එහි දී දෙපාර්තමේන්තුව සතු ව පවතින ඇගයුම් ක්‍රමවේදයන් සහ නිරීක්ෂණ සහ අධීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයාගේ දැඩි සැළකිල්ලක් මෙහි දී යොමු වූ අතර එකී ඇගයුම් ක්‍රියාවලින් යාවත්කාලීන කරමින් පවත්නා තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවය මෙහි දී පෙන්වා දෙන ලදී.

    එමෙන්ම, වඩාත් ඵලදායී රාජ්‍ය සේවයක් ලබා දීම සඳහා රාජ්‍ය ආයතන ඩිජිටල් කරණයට යොමු කිරීමේ ක්‍රියාවලියට අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊට අනුගත වීම සඳහා දැනටමත් ගෙන ඇති සැළසුම් ආදිය පිළිබඳ ව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයාව මෙහි දී දැනුවත් කරන ලදී.

    එහි දී ගන්නා ලබන ක්‍රියාමාර්ගයන් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයාගේ පැසසුමට ලක් වූ අතර තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය යම් යම් කරුණු යෝජනා ආදිය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් යම් යම් උපදෙස් මඟපෙන්වීම් ද ලබා දීම මෙහි දී සිදු කරන ලදී.

    ඉන් අනතුරුව, දෙපාර්තමේන්තුවේ භෞතික ප්‍රගතිය පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. එහි දී සපුරා ගත යුතු කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් රාජ්‍ය අමාත්‍යවරයා විසින් නාලක කලුවැව මහතා වෙත ලබා දෙන ලදී. එමෙන්ම, දෙපාර්තමේන්තුව තුළ දැනට පවතින සමස්ත ක්‍රියාවලිය පිලිබඳ ව රාජ්‍ය අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.


    මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya