පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    මාර්ග තදබදයට විසඳුම ලබාගත හැක්කේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙනි- අමාත්‍ය මහින්ද අමරවීර

    ජනවාරි 22, 2020

    මාර්ග තදබදයට විසඳුම ලබා ගත හැක්කේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරිමෙන් පමණක් බවත්,ලබන වසරේ දි මෙහි ප්‍රගතිය මඟි ජනතාවට අත්විදිමට හැකි බවත් ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා අද (22) ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.

    මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල වගකීමක් ඇති බවද පැවසු ඇමතිවරයා බස්රථ 40 ක පමණ පිරිසක් එක් දුම්රියක රැගෙන යාමටත්,එමෙන් බඩු ප්‍රවාහන කිරිමටත් විධිමත් දුම්රිය සේවාවක් සැකසිම තම අරමුණ බව ඇමතිවරයා කීය.

    එසේම සෑම ප්‍රධාන දුම්රිය නැවතුමකට ම පෞද්ගලික වාහන නැවැත්විම සඳහා වාහන අංගනයක් ඉදිකිරිම තුළින් දුම්රිය මඟින්ගේ ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කරන බවයි.එසේම බඩු ප්‍රවාහන කිරීමේ දී විශේෂයෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය භාවිත කිරීමට අවධානය යොමුවි ඇති බව ඇමතිවරයා කීය.

    එසේම දු‍ෂ්කර ප්‍රදේශ සඳහා බස් රථ 500ක් ගෙන්විම සඳහා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බව ද සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya