එහි දී පළමු ව සිදු විය යුත්තේ පක්ෂ විසින් තීන්දු තීරණ ගැනීමේ දී උගත් බුද්ධිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කිරීම බවත්, දෙවනු ව යම් කිසි ලෙසකින් පක්ෂ විසින් එකී බුද්ධිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවීමේ යුතුකම නිසියාකාර ව ඉටු නොකරන්නේ නම් එම යුතුකම රට වෙනුවන් ඉටු කිරීමට මෙරටේ ජනතාවට වගකීමක් තිබෙන බවත්, එවැනි දුෂිත චරිත පාර්ලිමේන්තුවට නොඑන්නට වගබලගැනීමේ වගකීමත් මෙරට ජනතාවට තිබෙන බවත් රඹුක්වැල්ල රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී දැඩි ව ප්‍රකාශ කර සිටියේය.
පාර්ලිමේන්තුව සමස්තයක් ලෙස යම් කිසි කඩාවැටීමකට ලක් වී තිබෙන බව මාධ්‍යවේදියෙකු විසින් පාර්ලිමේන්තුවේ හැසිරීම සම්බන්ධයෙන් නඟන ලද ප්‍රශ්න කිරීමක දී රාජ්‍ය අමත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කියා සිටි අතර එය නිවැරදි කිරීමේ වගකීම ප්‍රධාන දේශපාලන පක්ෂ වල සහ මෙරට ජනතාව සතු බවත් ප්‍රභල ව අවධාරණය කර සිටියේය.
එමෙන්ම පාර්ලිමේන්තුව සඳහා අවශ්‍ය වැදගත්, දර්ශනයක් තිබෙන, දේශපාලන හැකියාවක් තිබෙන, උගත් බුද්ධිමත් කණ්ඩායමක් අවශ්‍ය බව යන ස්ථාවරයේ තමන් සිටින බව ද රඹුක්වැල්ල මහතා කියා සිටි අතර නව රාජ්‍ය පාලන සාමය තුළ දී පාර්ලිමේන්තුව තුළ සදාචාරාත්මක පරිසරයක් ඇති කිරීමට ද මීට පෙර තිබූ පාර්ලිමේන්තු හැසිරීම් නැවත ඇති නොවීමට ද වග බලා ගන්නා බව ද සඳහන් කරන ලදී.
එමෙන්ම, ජාතික ලයිස්තුවේ අරමුණ වන මෙරටේ විවිධ ක්ෂේත්‍ර වල විශේෂඥ දැනුම සහිත පුද්ගලයින් බඳවා ගැනීම සඳහා ඉඩක් සළසා දීම බවත්, මෙවර මහා මැතිවරණයෙන් පසු පරාජය වන කිසිඳු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව මඟින් වත් ජාතික ලයිස්තුවේ අරමුණ දූෂණය කිරීම සඳහා භාර නොගන්නා බව ලිඛිත ව වගකීමකින් යුතු ව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා විසින් කියා සිටියේය.
ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාදන ලද නව ආණ්ඩුව තුළ පරාජිත අපේක්ෂිතයින්ට නැවත පාර්ලිමේන්තුවට ඒමට නොහැකි බවත්, ජනතාව විසින් ලබා දුන් සුවිශේෂී ජනවරම ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා විසින් මෙහි දී සනාථ කර සිටියේය.