පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දිවයින පුරා පිහිටි ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණයක්

    ජනවාරි 23, 2020

    දිවයින පුරා පිහිටි ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ප්‍රතිපාදන වෙන් කිරීමට රජය තීරණය කරයි. දැනට සෑම ග්‍රාම සේවා වසමකට රුපියල් ලක්ෂ 20 ක සංවර්ධන ව්‍යාපෘති අවසන් වු වහාම මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සෑම ග්‍රාම සේවා වසමකටම රුපියල් ලක්ෂ 20 බැගින් ලබා දීමේ රජයේ වැඩපිළිවෙල වන සපිරි ගමක් ප්‍රජා පාදක ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම සදහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී   (21) දා  පැවති රැස්වීමක දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.


    ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේ නව රජය විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන යෝජනා ඉතා විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී ජනතාවගේ ඉල්ලීම් වලට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි එය සිදු කිරීමේ අවශ්‍යතාවය ද රණතුංග මහතා මෙහි දි අවධාරණය කළේය.

    මෙම රැස්වීමේ දි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා
    මෙසේ ද කීවේය.
    ̂ දහම් පාසල් සංවර්ධනය සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුවයි මෙම සපිරි ගමක් ව්‍යාපෘතිය අවසන් වු වහා ම අපි තීරණය කළේ.විහාරස්ථාන ඇතුළු සිද්ධස්ථාන වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන්න. ඒ සදහා කොපමණ මුදලක් වෙන් කරනවාද කියන එක ගැන රජය මේ දිනවල සාකච්ඡා කරමින් යනවා.

    පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ රටේ ආධ්‍යාත්මික වගේ ම භෞතික සංවර්ධනයත් නතර වෙලා තිබුණේ. රට හදන සෞභාග්‍ය යේ දැක්ම ජාතික වැඩපිළිවෙල තුළ තිබෙන දසවැදෑරුම් ප්‍රතිපත්තියෙන් එකක් තමයි විනයගරුක, නීතිගරුක, හා ගුණගරුක සමාජයක්. එවැනි සමාජයක් බිහිකරන්නේ නම් මෙරට දැන් අධ්‍යාපනය ඉහළ නැංවිය යුතුයි. දහම් අධ්‍යාපනය සිද්ධස්ථාන සංවර්ධනය මේ සදහා අනිවාර්ය කරුණක්.

    පසුගිය රජයේ ක්‍රියාකලාපය නිසා රාජ්‍ය නිළධාරින් පවා දැඩි අසීරුතාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ම තවමත් ඇතැම් නිළධාරින් ඉන්නේ බියෙන්. මුදල් හා පරිපාලන රෙගුලාසි වලට බියෙන් අප මහජන සේවාව අඩපණ නොකල යුතුයි. අපි රාජ්‍ය සේවාව ශක්තිමත් කළා වගේම ඒක ආරක්ෂා කරන්නත් කැප වෙනවා. විශේෂයෙන් ම ඒ සදහා ඉදිරියේ දි අවශ්‍ය අණපණත් හදුන්වා දෙන්නත් අපේක්ෂා කරනවා.

    මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන් ද මෙහි දි අදහස් දැක්වුහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya