පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    කිරිපිටි ආනයනය සීමා කිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරනවා- අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

    ජනවාරි 23, 2020

    කිරිපිටි ආනයනය සීමා කිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය .

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතුරු ප්‍රශ්නයක් යොමුකළ අවස්ථාවේ, ඊට පිළිතුරු ලබා දෙමින් එතුමිය මේ බව සදහන් කළාය.

    ජනතාව තුළ දියර කිරි භාවිතය ඉහළ නැංවීම සදහා වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බව පැවසූ අමාත්‍යවරිය ඊට අදාළ වෙනත් පාර්ශව සමග කඩිනමින් සාකච්ජා කරන බවද වැඩිදුරටත් පැවසුවාය.
    සෞඛ්‍යවත් ජීවිතයක් ජනතාවට උරුම කර දීම සදහා දියර කිරි භාවිතය ඉහළ නැංවීමේ අත්‍යාවශ්‍යතාවය ද මෙහිදී සාකච්ජා විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya