පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබද සංගණනයක් සිදු කිරීමට පියවර

    ජනවාරි 23, 2020

    වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබද සංගණනයක් සිදු කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය .

    එය ලබන මැයි මස 01 වැනි දින ආරම්භ කෙරේ. අවසන් වරට වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබද සංගණනයක් සිදු කර ඇත්තේ 2017 වර්ෂයේදී වන අතර , ඒ වන විට ලියාපදිංචි කර තිබු වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව 657 කි .
    ප්‍රමිතියෙන් තොරව ක්‍රියාත්මක කරන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන හේතුවෙන් ගැටලු රැසක් උද්ගතව පවතින බවද මෙහිදි සාකච්ජා විය.
    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya