ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශ සමග එක්ව කටුනායක ගුවන් තොටුපලේ නව කොරොනා අසාදිතයින් හදුනා ගැනීම සදහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි.
චීනය , තායිලන්තය ඇතුළු රටවල් ගණනාවක මේ වන විට නව කොරොනා අසාදනය පැතිර යමින් පවති. කටුනායක ගුවන් තොටුපලේ මෙම සැක කටයුතු අසාදිතයන් හදුනා ගැනීම සදහා තර්මල් ස්කෑනර් යන්ත්‍ර 3ක් මේ වන විටත් ස්ථාපනය කර ඇති බවත් චීනය, තායිලන්තය වැනි රටවල්වලින් පැමිණෙන සියලුම ගුවන් මගින් මෙමගින් පරික්ෂාවට ලක් කරන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා (22) උදෑසන කටුනායක ගුවන් තොටුපලේ ස්ථාපිත කර තිබෙන මෙම තර්මල් ස්කෑනර් යන්ත්‍ර 03 පරික්ෂාවට ලක් කළ අතර මෙවැනි තත්ත්වයක දී ගුවන් තොටුපලේ සේවකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස ගුවන් තොටුපල බළධාරින්ට උපදෙස් දුන්නේය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක නිරෝධායන එස්.එම්. ආනොර්ල්ඩ් මහතා පවසන්නේ (21) රාත්‍රියේ චීනයේ සිට දිවයිනට පැමිණි ගුවන් යානායක සිට නව කොරොනා අසාදිතයෙකු යැයි සැක කළ වයස අවුරුදු 03 ක කුඩා දරුවෙකු කොළඹ IDH උණ රෝහලට ඇතුළත් කළ බවයි. පසුව එම දරුවා නව කොරොනා අසාදිතයෙකු නොවන බව පරීක්ෂණ වලින් තහවුරු වුවේ යැයි ආර්නෝල්ඩ් මහතා සදහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති නිර්ණායක අනුව ගුවන් තොටුපල පරිශ්‍ර යේ කොරෝනා අසාදිතයින් හදුනා ගැනීමේ පරික්ෂණ සිදුවන බව ද අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් සදහන් කළේය.