සපිරි ගමක් වැඩසටහන සම්බන්ධයෙන් (22) අමාත්‍යාංශයේ පැවති සකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රථම සංවර්ධන වැඩසටහන සපිරි ගමක් වැඩසටහනයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ජනතා සහභාගීත්වයෙන් සහ එකගතාවයෙන් සිදු කිරීම මෙහි විශේෂත්වයක්.
ග්‍රාම නිලධාරී වසම් 14,021 පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර එක් වසමකට රුපියල් ලක්ෂ 20ක් බැගින් වෙන් කර අවසන් බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා සදහන් කළේය.
සපිරි ගමක් ව්‍යාපෘතිය තෝරා ගැනීමේදී ග්‍රාමීය මාර්ග,බෝක්කු,කුඩා පාලම් සහ පැති කානු ඉදිකිරීම පාසල් යටිතල පහසුකම් සංවර්ධනය වැනි කඩිනම් යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබාදෙන බවද රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.
ප්‍රාදේශීය මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ග්‍රාමීය ජනතාවද අදාල ව්‍යාපෘති පිලිබද සැලකිල්ලෙන් කටයුතු කලයුතුයි. මුදල් වංචා හෝ ප්‍රමිතියෙන් තොර ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීමට වගබලා ගතයුතුයි. ඒ වගේම ජනතා අවශ්‍යතාව මූලික කරගනිමින් කටයුතු කිරීමත් අත්‍යවශ්‍යයි.
ව්‍යාපෘති වල ප්‍රගතිය පිලිබදව වාර්ථාවක් සපයන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇති බවද ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.