මෙයට අමතර ව විදේශයන් හි රැකියාවන් වල නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් විදේශීය මුදලින් පාඨමාලා ගාස්තු ගෙවීමේ පදනම මත බඳවා ගත යුතු බව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇති යෝජනාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල අපේක්ෂිත මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 4.5% ප්‍රතිශතයක් විදේශීය සිසුන් බඳවා ගැනීමට ප්‍රතිපාදන තිබෙන නමුත් දැනට බඳවා ගෙන ඇත්තේ විදේශ සිසුන් සුළු සංඛ්‍යාවක් බවත් එය තව තවත් පුළුල් කළ යුතු බවත් අගමැතිවරයාගේ යෝජනාවේ දැක් වේ.