ඒ අනුව,
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගෙවාට් 300ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගර ඒකකයක් කිරීම,මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු ද්‍රවිකෘත ස්වභාවික වායු බලාගාරයක් (LNG) ලංකා විදුලිබල මණ්ඩලය හා ඉන්දියාව/ජපානය සමඟ බද්ධ ව්‍යාපාරයක් වශයෙන් කෙරවළපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම,ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු ද්‍රවිකෘත ස්වභාවික වායු බලාගාරය (LNG) ඉදිරිකිරිම් කටයුතු කඩිනම් කිරීම,ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිකරමින් පවතින ජලවිදුලි බලාගාර සහ පුනර්ජනනිය බලශක්ති ව්‍යාපාතීන්හි ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරීම,සුර්යබල විදුලි උත්පාදනය සඳහා ඉන්දියානු රජය ලබා දිමට එකඟවි ඇති ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය මුදල මඟින් අදාළ ව්‍යාපෘති කිඩිනමින් ක්‍රියාත්මක කිරිම යනාදියට කැබිනට් අනුමැතිය ලැබිණි.