ඒ අනුව මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රවාහණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ( සැලසුම්) තිලකරත්න බණ්ඩා මහතාත්, සෙසු සාමාජිකයින් වශයෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයෝමි ජයවර්ධන මිය, නීති නිලධාරිනී ප්‍රියන්ති ගුණසේකර මිය හා අභ්‍යන්තර විගණන නිලධාරි වී. කේ. එච්. කෝලිත මහතා යන අය පත් කිරීමට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පියවර ගෙන තිබේ.
මෙම කමිටුව විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා ඒ යටතේ ඇති ඩිපෝවල කටයුතු සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මෙන්ම මහජන පැමිණිලි විමර්ශනය කර සති දෙකක් තුළ අදාළ වාර්තාව ලබා දිය යුතුය.