වනජීවී ක්ෂේත්‍රයට ගැනෙන විවිධ ආයතන මේ වන විටත් පැවතියේ ආයතන කිහිපයක් යටතේ බවත් ජනාධිපතිතුමා විසින් එය එකම අමාත්‍යංශයක් යටතට ගැනීම අගය කරන බවත් රාජ්‍ය ගිණුම් කාරක කළමනාකරණ සහ ගිණුම් කටයුතු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය. ඒ අනුව ප්‍රථම වතාවට වනජීවී දෙපාර්තතෙම්න්තුව, පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාරත්මේන්තුව, වෙරළ සංරක්ෂ දෙපාර්තමේන්තුව යන ආයතන 04ම එකම අමාත්‍යංශයක් යටතට ගෙන ඇත.
ලෝකය සමග සසඳන විට වන සම්පත් අතුරින් ඉදිරියෙන් සිටියද එම වන සම්පත දැඩිව විනාශ වන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වන බව සඳහන් කල අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,වන සත්ව සහ වෘක්ෂලතා අඥාපනත යටතේ ජාතික උද්‍යාන 04ක් සහ අභය භුමි 02ක් ගැසට් පත්‍රයේ පළ කර නීතිගත කිරීම අගය කරන බවද සදහන් කළේය. ඒ අනුව ස්වභාවික රක්ෂිත 03ක් , ජාතක උද්‍යාන 26, ස්වාභාවික රක්ෂිත 09, අභය භුමි 65 පැවති අතර මේ ගැසට් කිරීමත් සමඟ මුළු වන රක්ෂිත ගණන 103 කි.
මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.ටී.බී හේරත් මහතා සඳහන් කළේ පරිසරය සුරැකීම මතු පරපුරට එය දායාද කිරීම වර්තමානයේ වගකීම් භාර වි ඇති අපගේ යුතුකම බවයි. වන අලි සංරක්ෂණය කිරීම මෙන්ම ගොවි ජනතාව වන අලි ගැටලුවෙන් බේරා ගැනීමද කළ යුතු බව සඳහන් කළ මන්ත්‍රිවරයා, වන අලින්ගෙන් මිනිසුන්ට එල්ල වන හානිය දෙස බලා එම මිනිසුන් ගොවීන් මෙන්ම වන අලීන්ද රැක ගැනීමටත් වන අලි උවදුරනේ ගොවි ජනයා බේරා ගැනිමට කටයුතු කළ යුතු බවද සඳහන් කළේය.