ශ්‍රී ලංකාවේ වන ඝණත්වය ඉහළ නැංවීමසඳහා මහවැලි කලාප දහය තුළ වන උයන් 75 ක් ඇති කිරීම ඉන් කර්තව්‍යයකි. මොරගහකන්ද කලාපය තුළ ක්‍රියාත්මක කරන “හරිත උයන” (23) වැල්ලෙවෙල කොට්ඨාසයේ මාඔය ගම්මාන එකෙහි කන්දෙපිටවල වැව අභියස දී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙහි දී අමාත්‍යතුමන් ප්‍රමුඛ ව රාජ්‍ය නිළධාරින්, පාසල් සිසුන් ,පරිසර සංවිධානවල සාමාජිකයන්, මහවැලි ආරක්ෂක බළකාය, ප්‍රදේශයේ ජනතාව හා එක් ව එකම මොහොතක දී වන පැළ 800 ක් රෝපණය කිරීම සිදුවිය.
එමෙන්ම, මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරීම උදෙසා ප්‍රදේශයේ පිහිටි කන්දෙපිටවල වැවට මිරිදිය මත්ස්‍ය පැටව් 20,000 ක් මුදාහැරීම ද රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
සංවර්ධන ව්‍යාපෘති රට තුළ ක්‍රියාත්මක කිරීමේ දී පරිසර හානියක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමට කටයුතු කරන බවත්, ගරු ජනාධිපතිතුමාගේ දැක්මට අනුව ලංකාවේ වන ඝණත්වය සියයට තිහ දක්වා ඉහළ නැංවීම සඳහා මහවැලි කලාප දහය තුළ උපරිම වශයෙන් වන වගාවන් සිදු කරන බවත් එහි දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්තථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, හිටපු පළාත් සභා මන්ත්‍රී තිලක් බණ්ඩාර මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිළධාරින්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.