පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා අයදුම් පත් කැඳවීම මාර්තු පළවෙනිදා සිට

    ජනවාරි 24, 2020

    විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු සම්බන්ධ ව ප්‍රායෝගික ව කරුණු සොයා බැලීමට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක පසුගිය දා නිරත විය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    රටේ විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ විද්‍යාර්ථීන්ගේ ඉල්ලීමක් තිබුණ ත් විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව මෙම වසරේ ආරම්භ නොකිරීම පිළිබඳ අපට පැමිණිලි, මැසිවිලි ආවා. මෙහි සත්‍ය තත්ත්වය සොයා බලන්නට ත් විවෘත විශ්වවිද්‍යාලයේ පවතින තවත් ගැටලු පිළිබඳ සොයා බැලීමට ත් නව උපාධි පාඨමාලා ආරම්භ කිරීම සහ විවෘත විශ්වවිද්‍යාලය සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමට ඇති හැකියාව සොයා බැලීමට ත් මම ත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාත් පැමිණියා. එහිදී අපි විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සහ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළා.


    ඒ අනුව 2020 නීතිවේදී උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු මස 01වෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. ඒ අනුව අයදුම්පත් නිසි පරිදි කැඳවා ඉදිරි කටයුතු කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කරනවා. ඒ අනුව මේ වර්ෂයේ මැද වන විට නව සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නට තීරණය කළා.


    එමෙන් ම රට වටා තිබෙන මහින්දෝදය විද්‍යාගාර 1000 උපායෝගී කර ගනිමින් විවෘත විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ කරමින් "මෘදුකාංග ඉංජිනේරු උපාධිය Software Engineering " හැදෑරීම සඳහා ළමුන් 40 000ක් සඳහා අධ්‍යයන අවකාශ සලසා දීමට අපි කටයුතු කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව උසස් පෙළ සමත්වන සියලු ම සිසුන්ට විශ්වවිද්‍යාල උපාධියක් දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාකර දීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මේ මඟින් විශාල සහයෝගයක් ලැබෙනවා. යනුවෙන් ද පැවසී ය.

     

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද මීට එක් විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya