පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නව සභාපතිවරයා සිය ධූරයේ වැඩ බාර ගනී

    ජනවාරි 24, 2020

    ශ්‍රි ලංකා ත්‍රිපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දීප්ති කුලරත්න මහතා සිය ධූරයේ වැඩ බාර ගැනීම (23) දින උදෑසන යෙදී තිබූ සුබ මොහොතින් ජා-ඇල කපුවත්තෙහි පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ දී සිදුවිය. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ද එක්ව සිටියාය.

    රත්නපුර සීවලි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන දීප්ති කුලරත්න මහතා අම්පාර හාඩි ආයතනයේ කෘෂිකර්ම විද්‍යාව පිළිබද ඩිප්ලෝමාධාරියෙකි. 2012 - 2015 දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කර ඇත. එමෙන්ම 2000 වසරේ සිට රාජ්‍ය ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල වල සේවය කර ඇත. සියධූරයෙන් වැඩ බාර ගැනීමෙන් පසු දීප්ති කුලරත්න මහතා පවසා සිටියේ මාතෘ හා ළමා මන්දපෝෂණය අඩු කිරිම/වළක්වා ගැනිම, දේශීය ගොවියාගේ ආර්ථික තත්ත්වය දියුණු කිරිම ත්‍රිපෝෂ නිෂ්පාදනය තුළින් ඉටුකර ගැනිමට බලාපොරොත්තු වන මූලික කරුණු දෙකක් වන බවත් සිය ධූර කාලය තුල ත්‍රිපෝෂ නිෂ්පාදනය ඉහළ නංවමින් නව රජයේ දැක්මට සරිලන අයුරින් සිය ධූරයේ රාජකාරි ඉටු කිරීමට කටයුතු කරන බවයි.

     

    ත්‍රිපෝෂ පෝෂණ ගූණයෙන් ඉතා ඉහළ අගයක් ගනු ලබන අතිරේක ආහාරයකි. එක් ප්‍රතිලාභියෙක් උදෙසා මසකට ග්‍රෑමි 750 පැකට් 02 බැගින් එය නොමිලේ බෙදා හරිනු ලැබේ. දිවයින පුරා වෙසෙන මිලියනයකට ආසන්න මෙම ත්‍රිපෝෂ ප්‍රතිලාභීන්ට අවශ්‍ය ත්‍රිපෝෂ අතිරේක ආහාරය ජා-ඇල, කපුවත්තේ පිහිටි ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ නිපදවා දිවයින පුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ වෙත ඛෙදා හරිනු ලැබේ. මීට අමතරව වතුවල ජනතාවට ද, පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍යස්ථාන 09 ක් වෙත ද ත්‍රිපෝෂ අතිරේක ආහාරය බෙදා හරිනු ලැබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට පුර්ණ අනුබද්ධිත ත්‍රිපෝෂ සමාගම විසින් දේශීය අවශ්‍යතාවයෙන් අතිරික්ත නිෂ්පාදනය "සුපෝෂ" නමින් මෙරට වෙළෙඳපොලට 2017 වසරේ සිට නිකුත් කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya