අමාත්‍යවරයා අද (24) මේ බව ප්‍රකාශ කළේ, මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ විශ්වවිද්‍යාල විද්‍යා ආයතන 25ක් ඉදිකිරීමට යෝජනා කර තිබුණත් සෑදීමට හැකි වුණේ හයක් පමණ යි, පසුගිය රජය විසින් මහින්ද චින්තය යටතේ ඉදිරිපත් කළ අධ්‍යාපන වැඩපිළිවෙල කඩාකප්පල් කළ නිසා හදන්න බැරි වුණා.
අනාගතයේ දී විශ්වවිද්‍යාල විද්‍යාතන පනත වෙනස් කිරීමට කරනවා. යුනිවර්සිටි කොලෙජ් එකෙන් දෙන්නේ ඩිප්ලෝමා පමණයි. නියතවශයෙන් රැකියාව ලැබෙන, රැකියාව කරන අතර උපාධියක් පරිනමන විශ්වවිද්‍යාල ආයතන අනපනත් මඟින් සකස් කරනවා. සෞභාග්‍ය දැක්මේ ඇති සෑම කරුණක් ම ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය තුළ ඉටු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසිය.