විවාදය ආරම්භ කළේ, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
පාරලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා, සමාජයේ අසාධාරණය ලක් වී දුක් විදි ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසා ජීවිත තර්ජනයට මුහුණ දෙමින් සටන් කළ ජනතා නායකයෙක් ලෙස
රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලනය යොමු වුණේ ජනතාව අතරින් ම බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
විවාදයට එක් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා; ජනත සේවය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කළ අයෙකු ලෙස රංජිත් සොයිසා මන්ත්‍රීවරයා හැදින් විය හැකියි.කාර්යශූර ජනත වගකීම් ඉටු කළ නායකයෙක් ලෙස එතුමා හැදින් විය හැකියි.
විවාදයට එක් වූ අමාත්‍ය පවිත්‍ර වන්නි ආරච්චි මහත්මිය; රත්නපුර ජනතාවට ඔහුගේ වියෝව දරාගත නොහැකියි. ජනතාවට ඔහුගේ සේවය අත්‍යාවශ්‍ය මොහොතේඉ ඔහුගේ වෙන් වීම කණගාටුදායක කරුණක් යැයි පැවසීය.
මෑතකාලයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මතු වූ සටන්කාමී ජන නායකයෙකු ලෙස රංජිත් සොයිසා මහතා හැදින්විය හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විවාදයට එක් වෙමින් කීය.
සබරගමුවේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා විශාල කැපවීමක් කළ බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
පසුගිය රජයේ පරගැතිභාවය පිළිබඳව ජනතාවට පහදා දෙමින් වත්මන් රජය බලයට ගෙන ඒමට මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කළ මෙහෙවර අගය කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා විවාදයට එක් වෙමින් පැවසීය.