අමාත්‍යවරයා මේ බව අද (24) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ,මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.
මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ආරම්භ කළ විශ්වවිද්‍යාල විද්‍යාතන සුරක්ෂිත කොට පෝෂණය කොට උපාධිය ලබාදීම සඳහා කිසිදු සැකයකින් තොරව අවශ්‍ය සියලු පියවර ගන්නවා.
කිසිම ආයතනයක් වසන්නේ නෑ.මෙම සිසුන්ට උපාධිය ලබාදිම සඳහා සාකච්ඡා රාශියක් ඇති කරලා, යුනිවෝටෙක් එක මහාචාර්ය රංජිත් මහතා නිසි බලධරියෙක් ලෙස පත් කර තිබෙනවා.එතුමා විසින් මේ දිනවල පාර්ශව සමඟ සාකච්ඡා කර යුනිවොටෙක් එක වරලත්,බලයලත් විශ්වවිද්‍යාලයක් බවට උසස් කරලා, ඒ මඟින් උපාධි ලබාදෙන්නත්, විශ්වවිද්‍යාල විද්‍යාතනය වගේ,නව පනතක් මඟින් බලාපොරොත්තු වන්නේ, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම විශ්වවිද්‍යාල විද්‍යාතන එක බැගින් සෑදීම අදියරෙන් අදියර ගමන් කරනවා. ශිෂ්‍ය ප්‍රජාවට සහතිකයක් දෙනවා,විධිමත් වැඩපිළිවෙලක් හදන බව ද අමාත්‍යවරයා පැවසීය.