සෑම වසරක ම දැඩි නියඟය තත්ත්වය ඇති වන පෙබරවාරි - මැයි දක්වා කාලය තුළදී මෝසම් වර්ෂාව සක්‍රිය වන තෙක් මේ තත්ත්වය පවතින බව පැවසු සුලක්ෂණ ජයවර්ධන මහතා,මෙගාවොට් 100ක ධාරිතාවයක් දැනට පෞද්ගලික අංශයෙන් ලබා ගන්නා අතර එය තවත් මාස 6ක් සඳහා දිර්ඝ කිරීමට පියවර ගන්නා බවත්,ඊට අමතරව මොගවොට් 200ක ධාරිතාවයක් ටෙන්ඩර් කැඳවා ප්‍රසිද්ධ ලංසුවක් මඟින් ලබා ගැනීමට පියවර ගන්නා බවත්,මෙහි ටෙන්ඩර් කැඳවීමේ අවසන් දිනය ජනවාරි 31 වන දින බවත් කීය.
මිට අමතරව සුර්ය බල ශක්ති තුළින් ද ලංකාවේ විදුලි බල පද්ධතියට මෙගාවොට් 250ක වැඩි බලයකින් යුක්ත යුනිට් (unit) 22,000ක් පමණ ගෘහස්ත භාවිතයට එක් කර ඇති අතර මෙගාවොට් 60ක ධාරිතාවයකින් යුක්ත පද්ධතියක් භුමිය මත සකසා ප්‍රධාන විදුලි බල පද්ධතියට එක් කර ඇති බව මාධ්‍ය අධ්‍යක්ෂවරයා පැවසිය.
පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ දි අනුමත කරන ලද සියලුම තීරණ තවත් සති දෙකක් ඇතුළත ක්‍රියාත්මක කරන බවත,මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුක්ත සුර්ය බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කළ බවත්, විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.