මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ,ගුවන්තොටුපළට පැමිණෙන සියලු ම මඟීන් සඳහා ගුවන් යානයේ දී ම මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරිමට කටයුතු කරන බවයි.
මෙරටට සංචාරය වැඩියෙන්ම පැමිණෙන්නේ චීන ජාතිකයින් වන හෙයින් මෙහි අවධානමත් පවතින බව වසංගත රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
මේ වන තෙක් මෙම රෝගට වැළඳු කිසිදු රෝගීයෙන් වාර්තා නොවු අතර කිසියම් රෝගී ලක්ෂණයක් වෙතොත් ගුවන් තොටුපළේ වෛද්‍ය අංශය වෙත යොමු වන ලෙස සියලු ම මඟින්ට උපදෙස් දි ඇතැයි වසංගත රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කිය.
මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙසින් කැස්ස,හෙම්පිරිස්සාව,උණ හා හුස්ම ගැනිමේ අපහසුතාවයන් මූලික ලක්ෂණ වන අතර නිව්මෝනියා තත්ත්වය පත්විම තුළින් රෝගියා මිය යන බව වෛද්‍යවරු සඳහන් කරති. කොරෝනා වෛරස් මුලින්ම හඳුනාගනු ලැබුවේ 1960 දශකයේදීය,
මෙම රෝගය චීනයේ වූහන් නගරයට දැඩි ලෙසින් බලපා ඇති අතර මේ වන වටි එහි ගුවන් ගමන් තවතා දැමිමට එරට බලධාරින් තීරණය කර තිබේ.