මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ජීවිතය ජයගැන්වීමට “රෝඩ් ටු චැම්පියන්ස්” සත්කාරක ව්‍යාපෘතිය විවෘත කෙරේ

    ජනවාරි 26, 2020

    සමාජයේ අඩු අවධානයට ලක් වූ විශේෂ අවශ්‍යතා ඇති දරු දැරියන් හට ටයිකොන්ඩෝ ක්‍රීඩාව හරහා ජිවිතය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව හිමිකර දීමේ අරමුණින් සංවිධානය කළ “රෝඩ් ටු චැම්පියන්ස්” (Road to Champion) යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සත්කාරක ව්‍යාපෘතිය විවෘත කිරීම සහ එම දරු දැරියන්ගේ දක්ෂතා එළිදැක්විම වෙනුවෙන් පැවැති උත්සවයක් (25) දින ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති Dr. Chungwon Choue මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිය විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිදු විය.

     

     

    මෙහිදී රාගම ධීවර නගරයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සහ කෑගල්ල ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරු දැරියන් 80 ක ගේ පමණ සහභාගීත්වයෙන් විශේෂ ටයිකොන්ඩෝ සංදර්ශණයක් ද පැවැත්විනි. එමෙන්ම 2019 වසරේ නේපාලයේ දී පැවැති දකුණු ආසියාතික තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් ටයිකොන්ඩෝ ක්‍රිඩාවෙන් ජයග්‍රහණය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් සහතික පත්‍ර ප්‍රදානයක් සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා විසින් ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති Dr. Chungwon Choue මහතා වෙත සමරු තිළියක් සහ සහතික පත්‍රයක් ප්‍රදානය කිරිමත්, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ නිලධාරීන් ඇගයීමට ලක් කරමින් සහතික පත්‍ර ප්‍රදානයක් ද සිදු කරන ලදි.

     

    රාගම ධීවර නගරයේ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ටයිකොන්‌ඩෝ ක්‍රීඩාව හදාරනු ලබන ශිෂ්‍යයෙක් විසින් අදහස් දක්වමින් කියා සිටියේ රාගම ධීවර නගරයේ සමාජයේ අඩු අවධානයට ලක් වූ දරු දැරියන් වන අපට ටයිකොන්ඩෝ ක්‍රීඩාව උගන්වා විනය, උත්සාහය, කැපවීම ඉහළ නංවා ක්‍රීඩාව සදහා වන යටිතල පහසුකම් නැංවීමත්, “රෝඩ් ටු චැම්පියන්ස් සත්කාරක ව්‍යාපෘතිය යටතේ ක්‍රීඩාව තුළින් සමාජය ජයගැනීමට අවස්ථාවක් ලබාදිමත් ගැන ලෝක ටයිකොන්ඩෝ” සංගමයේ සභාපති තුමා ඇතුලු නිලධාරි මණ්ඩලයටත්, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිතුමා ඇතුලු නිලධාරි මණ්ඩලයටත් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ස්තූතිය පුද කරන බවයි.

     

    මෙම අවස්ථාවට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය නියෝජනය කරමින් එහි සභාපති Dr. Chungwon Choue මහතා ඇතුලු නියෝජිතයින්, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ගරු සභාපති රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ ගරු සභාපති කංචන ජයරත්න මහතා, ගරු ලේකම් චමින්ද පුංචිහේවා මහතා, උපලේකම් කේ.එ.සී.එස් අලහකොන් මහතා, කැළණිය විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක සහ විද්‍යා පීඨයේ පීඨාධිපති ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.ආර්.ඩි කාලිංග මුදලි මහතා, “රෝඩ් ටු චැම්පියන්ස්” ව්‍යාපෘතියේ ලේකම් ෂොක් ඡේ කොන් මහතා, “රෝඩ් ටු චැම්පියන්ස්” ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා උපදේශීකා ඉන්දීවරි ගලගම මහත්මිය, යුධ හමුදා ටයිකොන්ඩෝ සංගමයේ සභාපති මේජර් ගුවන් කොමදෝරු ලීලාරත්න මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya