පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්‍යක්ෂම සේවාවක් සැලසිය යුතුයි

    ජනවාරි 26, 2020

    ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්‍යක්ෂම සේවාවක් සැලසිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    සීග්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම වන අතර රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමතාව පිටුදැක රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත් ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව ජාතික ආර්ථිකයට සහ මහජන සේවා සම්පාදනයට ඝෘජුවම දායකවන රාජ්‍ය සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල නව සභාපතිවරු සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් හමුවේ ජනාධිපතිවරයා පැහැදිලි කළේ ය.

    පසුගිය සමයේ නැගුණු චෝදනාවලින් මිදී ආර්ථික පුනරුදයට මේ ආයතන දායක වීම තුළින් ඉකුත් ජනාධිපතිවරණයේ දී ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සපුරාලීමට සහය වන ලෙස වැඩිදුරටත් ජනාඪ්ජිපතිවරයා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් ද කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya