මෙරට දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු (එනම් 20% ක්) කායික හෝ මානසික ආබාධයකින් පෙළෙන බව පර්යේෂණයන්ගෙන් අනාවරණය වී ඇත. කල්තබා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දීමෙන් ඔවුන් වඩාත් ඵලදායී ලෙස සමාජගත කළ හැකිය.
මෙයට විසඳුමක් සැපයීමට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර එකඟතාවකින් ආයති ජාතික මධ්‍යස්ථානය ස්ථාපනය කෙරිණි. ඊට වැයකෙරුණු මුදල රු කෝටි 55කි.
කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, හේමාස් හෝල්ඩින්ග්ස් සහ මාස් හෝල්ඩින්ග්ස් සමාගම්, රොෂාන් විජේරාම පවුල් පදනමද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ රොටරි සමාජය මෙම කර්තව්‍යයට නන් අයුරින් සහය ලබා දී තිබේ.