පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    බලපත්‍ර රහිතව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් නාවික හමුදා භාරයට

    ජනවාරි 26, 2020

    ගාල්ල, දොඩංදූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් (03) පසුගිය 24 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

    2020 ජනවාරි 24 වන දින ගාල්ල දොඩංදූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් (03) දකුණු නාවික විධානය මගින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. එහිදී එම පුද්ගලයින් විසින් ධීවර කටයුතු වල නිරතවීම සඳහා භාවිතා කළ බලපත්‍ර රහිත ඩිංගි යාත්‍රාවක් සහ තවත් ධීවර ආම්පන්න කිහිපයක් භාරයට ගෙන ඇති අතර, අදාල පුද්ගලයින් අවුරුදු 29, 38 සහ 43 වයස්වල පසුවන ගාල්ල ගින්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.

     

    තවද, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් තිදෙනා (03), ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya