එහිදී ප්‍රදේශයේ දහම් පාසලේ දරුවන් සදහා දහම් පාසල් නිල ඇදුම් සහ පාසල් උපකරණ ලබා දීම, ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලින් විශේෂ සාමාර්ථ ලබා ගත් දරුවන් දිරි ගැන්වීමක් ලෙස උසස්
අධ්‍යාපනයට අවශ්‍ය කරන අධ්‍යාපන උපකරණ කට්ටල ප්‍රධානය කිරීම, ගර්භනී මව්වරුන්, වන්දඹු කාන්තාවන් වැනි විශේෂ පුද්ගලයන් සදහා පෝෂණ මල්ලක්ද ලබා දීම සිදු කෙරිණි.
මෙහිදී ගෝඨයිම්බරගම ප්‍රජාපති දහම් පාසල, අගුණකොළපැලැස්ස වෙලගත්වල සිරි ගෝතමී දහම් පාසල, අගුණකොළපැලැස්ස කයිලවැල්පෝටාව මිහිදු දහම් පාසල යන ස්ථාන වලදී මෙම සමාජ සත්කාරක වැඩසටහන් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සදහා හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රී එච්.ඩබ්ලිව්.ගුණසේන, ගරු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් තිලකරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්විය.
DMU/Hambantota