කෙසේ වුවද,මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු ප්‍රධාන වශයෙන් කාරණ දෙකක් හඳුනාගෙන තිබෙන බව ඒ පාරිසරික හා ඉඩම් ගැටළුව බව ලේකම්වරයා පැවසීය. ඒ අනුව, මේ වන විට විකල්ප ඉඩම් අක්කර 300ක් පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ශක්‍යතා වාර්තාව සකස් කරමින් පවතින බවද කීය.
මිට අමතරව වසා දමා ඇති වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සහ ඔඩ්ඩුසුඩාන් පිහිටි පිඟන් සංස්ථාවට අයත්, භුමියේ උළු හා ගඩොල් කර්මාන්තය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ. රංජිත් මහතා පැවසීය.