ටියැංජින් සිට සිසුන් 21ක් අද (27) දහවල් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය දන්වයි.
සිසුන් ගෙන්වා ගැනීමේ කටයුතු ජනාධිපති කාර්යාලය,විදේශ සබඳතා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය,චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා ගුවන් සේවය එක්ව අඛණ්ඩව සිදු කරයි.
සිචුවාන් ඇතුළු විවිධ ප්‍රධේශවල සිටින සිසුන් ගුවන්තොටුපල දක්වා බස් රථ මඟින් රැගෙන එනු ලැබේ.නැනින්හී සිසුන් 30 දෙනා ද මෙම පිරිසට එකතු කර ගැනේ. වූහාන් ප්‍රාන්තයට ඇතුළුවීමට හා පිටවීමට පනවා ඇති තහනම මෙතෙක් ඉවත් කර නැත. එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට චීන රජය සමඟ සාකච්ඡා කරමින් පවතී.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සිසුන්ට ගුවන් ටිකට්පත් සඳහ සියයට 50%ක වට්ටමක් ප්‍රදානය කරයි. සිසුන් පිළිබඳ සියලු දත්ත දැන් රැස් කර ඇත.ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කර්ය සාධක බලකායක් ද පත් කර ඇත. එම කමිටුව සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වෙයි.රජය උද්ගතව ඇති සියලු තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබේ.