පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ සංචාරය සඳහා විදේශිකයන්ට කිසිදු බියක් හෝ බාධාවක් තවමත් නෑ

    ජනවාරි 28, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ සංචාරය සඳහා විදේශිකයන්ට මේ වන තෙක් කිසිදු බියක් හෝ බාධාවක් ඇති කර ගත යුතු නැතැයි  ශ්‍රිලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂිකා මධුභාෂිණි පෙරේරා මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී අදහස් දැක් වු අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ ,මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් චින ජාතිකයින්ගේ පැමිණිම අඩු වි ඇති බවයි.

    වෙනත් රටවලින් පැමිණෙන සංචාරකයින් සුරක්ෂිත බවත්,වෙනත් රටවලින් පැමිණෙන සංචාරකයිනගේ ප්‍රමාණය එලෙසින් ම පවතින බවත් මධුභාෂිණි පෙරේරා මහත්මිය සඳහන් කළාය.

    ගුවන් තොටුපළේ දි සිදු කෙරෙන විශේෂ පරික්ෂාවන් හා ශ්‍රි ලංකාවේ පවතින ඉහළ මට්ටමේ සෞඛ්‍ය අංශ මැදිහත්වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති නොකරගත යුතු බව මධුභාෂිණි පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya