ඒ මහතා මේ බව පැවසුවේ, අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
කොරෝනා වෛරස් රෝගය පැතිර යාම වැලැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාව විසින් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක් ඊයේදහවල් අරලියගහ මන්දිරයේදී පැවති බවත් මේ සම්බන්ධයෙන් අනුගමනය කල යතු ක්‍රියාමාර්ග පිළිබඳව පොදු උපදෙස් ඇතුලත් චක්‍රලේඛයක් දිවයිනේ සියළුම පාසල්වලට ලබා දී ඇති බවත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. නිතරම විෂභීජ නාශක දියරයකින් දෑත් සේදීම ශ්වසන රෝග ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැනි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශයෙන්ද ලබා දුන් උපදෙස්ද මීට ඇතුලත් කර ඇත.
තවද දෛනිකව මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය යයි ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත් අධික මිල ගණන් යටතේ එම මුඛ ආවරණ මිලදී ගැනීම අනවශ්‍ය බවත් පැවසූ ලේකම්වරයා හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳ කඩිනමින් දෙමාපියන්,ගුරුවරුන් සහ සිසුන් දැනුම්වත් කරන බවද පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය සහ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන්ත ආනන්ද, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව යන මහත්වරු එක්ව සිටියහ.