පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

    ජනවාරි 29, 2020

    උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් වෙළෙදෙපොලෙහි අලෙවි කිරිමට තිබූ ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අධික මිල ගණන් යටතේ වෙළෙදුන් විසින් ජනතාවට විකුණනු ලබන බවට මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

    ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් ගන්නා ලද තීරණයකට අනුව 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වගන්තිය යටතේ උපකරණ මිල නියම කිරිම නියෝග අනුව ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අද දින (29) අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

    ඒ අනුව පහත සදහන් වෛද්‍ය උපකරණවල අනුමත නාමය අනුව අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වේ.

    01. ඉවත දැමිය හැකි මුහුණු ආවරණ - නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන) රුපියල් 15 යි

    02. ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ - නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන) රුපියල් 15 යි

    03. මුහුණු ආවරණ (එන් 95 වර්ගය - අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 ක් වශයෙන් වේ.

    එමෙන්ම ඉහත මිල ගණන් අභිබවා මුහුණු ආවරණ අලෙවි කරනු ලබන වෙළෙදුන්ට‌ සහ තොග සගවා තබා ගන්නා වූ වෙළෙදුන් හට නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya