එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා; මාධ්‍ය මඟින් පළ වු පුවතකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුයේ,ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලිබල ජනන සැලැස්මට අනුව වසර දෙකින් දෙකකට වසර 20ක් සඳහා සැලැස්මක් සකස් කර අතර ඒ අනුව සෑම වසර දෙකකට වරක් විදුලි බලාගාරයක් සෑදීමටයි සැලසුම් කර තිබුණේ. එත් 2014 සිට 2020 වන තෙක් ලංකා විදුලි බල මණ්ඩලයේ කිසිදු බලාගාරයක් ඉදි කර නොමැති අතර එසේ වුවද කඩිනමින් මේ ජනන සැලැස්මට අනුව බලාගාර සැදීමට කටයුතු කර ඇති බව ඇමතිවරයා කිය.